දේශපාලන පදවි දැරූ හෝ දරණ රජයේ සේවකයින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සේවය කළ හා කරන්නවුන්ගේ දුෂණ ක්‍රියා , වංචා , සාපරාධී විශ්වාසය කඩකිරිම් දේපළ සාපරාධී ලෙස භාවිතා කිරිම හෝ අවභාවිතය සම්බන්ධ පැමිණිලි ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකි බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කරයි.
එම නිසා රජයට සිදු කරන පාඩු දේපළ හානි යන සියල්ලම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට පිළිවන් බවද ඔහු කියයි.
ඉහත සඳහන් පුද්ගලයාට එරෙහි බරපතල චෝදනා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරිමට ජනතාවට දි තිබුණ අවස්ථාව පසුගිය අප්‍රේල් 10 වැනිදා අවසන් විය දින නියමයකින් තොරව එම දිනය තවදුරටත් දීර්ඝ කීරිමට කොමිෂන් සභාව තිරණය කර ඇත. “2010 ජනවාරි 10 වැනිදා සිට 2015 ජනවාරි 10 දක්වා වු කාලයේ ලිඛිත පැමිණිලි සිංහල ,දෙමළ , ඉංග්‍රිසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය. ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරිමට වඩාත් සුදුසුය. පැමිණීලි ඉදිරිපත් කළ යුත්තේ, කොමිෂන් සභාවේ ලේකම් , බ්ලොක් අංක 5 ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 ලිපිනයටය”.

