බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොදුරාජ්‍ය මණ්ලඩ නායක සමුළුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය සතුට පළ කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කමරන් මහතා මෙම රැස්වීම වර්ජනය කරීමට ඇතැමුන් යෝජනා කළද තමා ඒ කිසිවත් නොපිළිගත් බව මෙම හමුවේදී පවසා ඇත. උතුර කළ චාරිකාව පිළිබඳ සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා ගැටළු අවසන් වීමෙන් පසු විශාල ප්‍රතිගයක් අත්කර ගෙන ඇති බව දක්නට ඇතැයි සඳහන් කළේ යැයි එම නිවේදනයේ සඳහන් වේ. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සමගිය සඳහා ගනු ලැබී වැදගත් පියවරක් ලෙස ද අවතැන් වුවන් ඉඩම් ගැටළු, උතුරු පළාතේ හමුදාව රැඳී සිටිම සහ අලුතින් පත් වූ පළාත් සභාවට බලතල පැවැරීම වැනි අංශවල විදඳිය යුතු ප්‍රශ්න පිළිබඳව ද දෙරටේ නායකයෝ සාකච්ඡා කර ඇත.
අවතැන් වූ වන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, ගැටුම් සමයේ විනාශ කළ යටිතල පහසුකම් යළි ඉදිකිරීම වැනි අංශයන් හි සිවිසල් කොටසක් සම්පූර්ණ කර ඇතැයි ජනාධිපතිවරයා මෙම හමුවේදී සිහිපත් කර ඇත. ගැටුම් නිම වී තවම ගත වී ඇත්තේ වසර 4 ක් වැනි කෙටි කාලයක් බැවින් ප්‍රධාන අභියෝග ජයගැනීමට ලංකාවට තවම යම් කාලයක් අවශ්‍ය බව ද පවසා ඇත.