ජනතාවගේ අත්පොලසන් අපිට වාසනාවක්


නලීන් පෙරේරා ප‍්‍රමුඛ මේරියන්ස්ලා ප‍්‍රාසාංගික වේදිකාවට කවදත් අලූත් අත්දැකීමක් දායාද කළ සංගීත කණ්ඩායමකි. මේරියන්ස්ලා ගෙනා වින්දනීය වෙනස නිසාම අද ප‍්‍රසංගයක් සඳහා ඔවුන්ගෙන් දින ලබා ගැනීමට පවා අපහසු වී තිබේ. මුළු මාසය පුරාම මුළු වසර පුරාම ඔවුන් ඒ තරමටම කාර්ය බහුල වී සිටී. එහෙත් මේරියන්ස්ලා මෙම ජනවාරි 22 වැනිදා වෙනස්ම ආකාරයේ ප‍්‍රසංගයක් සඳහා සූදානම් වන මොහොතක ඒ ප‍්‍රසංගය ගැන සහ නලීන්ගේ ජිවිතයේ වත්මන් තොරතුරු කතා කිරීමට, අපි නලීන් හට අවකාශය ලබාදීමු.

 

20170119Nalin-1නලීන් කොහොමද ජීවිතය?

ඇත්තම කිව්වොත් මේ සමාජමය ව්‍යාපෘතිය එක්ක ජීවිතය වෙනස් වෙලා. කොහොමටත් පරිනත වනවිට අපි ජීවිතයේ පන්නරය එක්කර අත්දැකීම් ලබනවා. ඒ ස්වභාවය එක්ක කඩාවැටීම් සහ ජයග‍්‍රහණ සමග නොවැටී ගමනක් ඒමට අපට හැකිවුණා. මේරියන්ස්ලා ගැන සමාජය සසැදීම් කළා. ඒ අතරේ බොහෝ ලැබීම් අපට හිමිවුණා. මේ ලැබීම් නොලැබෙන අහිංසක දුවා දරුවන්ගේ හෙට දින බබලවන්න යම්කිසි විදිහකින් අපටත් දායක වෙන්න ඇත්නම් කියලා විශ්වාස කළා. ඒ විශ්වාසය යථාර්ථයක් බවට පත් කරවන්න හිතාගෙන ලංකාවේ මෙතෙක් ප‍්‍රාසාංගික වේදිකාවේ නොවූ අමුතුම ආස්වාදයක් ලබාදීමේ අරමුණින් ප‍්‍රසංගයක් සංවිධානය කළා.

 

මොකක්ද ඔය කියන වෙනස රැුගත් ප‍්‍රසංගය?

මෙය අපි නම් කරලා තියෙන්නේ ණසබටි දෙ 70ි කියලයි. සී.ටී. ප‍්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල, ක්ලැරන්ස් විජයවර්ධන යන අසහාය සංගීත යුග පුරුෂයින් තිදෙනාගේ සුපිරිම ගීත ගයන ප‍්‍රසංගයක්. මේරියන්ස් අන්ප්ලග් සංගීතයෙන් රසවත්වී මේ ප‍්‍රසංගය අපි පවත්වන්නේ මෙම 22 වැනිදා රාත‍්‍රී 7 ට කොළඹ නෙළුම් පොකුණ එළිමහන් රංග භූමියේදීයි. ලංකාවේ වැඩිම පිරිසකට ප‍්‍රසංගයක් නැරඹීමේ අවකාශය ලබාදීම අපේ අරමුණ වුණා. ඒ මගින් ප‍්‍රථම වරට ජාත්‍යන්තර ප‍්‍රාසාංගික අත්දැකීමක මිහිර විඳගැනීමට ශ්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයාට හැකිවේවි.

 

ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ප‍්‍රසංගය කරන්නෙ කිව්වෙ?

වැලිකන්ද කියන්නෙ දුෂ්කර පළාතක්. එහි සිසු දරුවනට එනම් වැලිකන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවනට පිරිසිදු පානීය ජලය ලබාගැනීම සඳහා ජලය පිරිසිදු කිරීමේ යන්ත‍්‍ර දෙකක් ලබාදීම අපේ අරමුණයි. ඒ පළාතේ වකුගඩු රෝගී තත්ත්වයන් බොහෝම දරුණුයි. අපි මේ කටයුත්ත ගැන එම විදුහලේ විදුහල්පති සමග කතා කළා. ඒ හරහා බොහෝ දේ ඉටු කිරීමේ අවශ්‍යතා අපට ඇතිවුණා. එහි පළමු වැන්න ලෙස මේ දුවා දරුවනගේ හෙට දින ලස්සන කරන්න අපිට ශක්තියක් ගෙන දිය හැකි වේවි.

 

මේ අදහස ඔබට ආවේ කොහොමද?

මගේ මිතුරකු දිනෙක ඡුායාරූප දෙකක් ගෙනැල්ලා මට පෙන්නුවා. වතුර බොන ලිං වුවද ඒවා ජරාවාසව වැසිකිළි වගෙයි. අනේ ඒ ළිංවල වතුර තමයි අර අහිංසක දරුවන්ට පරිහරණය කරන්න තියෙන්නෙ. ඒක දැක්ක දවසෙ ඉඳලාම වතුර වීදුරුවක් බොන සෑම මොහොතකම මගේ පපුවට දැනුණු ගැස්ම වේගවත් වුණා. ඒ අනුව සමාජ සත්කාරක සේවයක් කිරීම අරමුණ වුණා. නමුත් ඒ වෙනුවෙන් අපට ප‍්‍රසංගයක් කරන්න දින නැති තරම්. මුළු වසරේම දින වෙන් වෙලා. හැබැයි වැඬේ තව කල් දාන්නත් බැහැ. ජනවාරි 22 අපේ ප‍්‍රසංගයකට වෙන්වී තිබුණා. ඒ ප‍්‍රසංගය සංවිධානය කරන මල්ලි එක්ක එකතුවී මම මේ ගැන සාකච්ඡුා කළා. අපට ලැබෙන මුදල මුල් කරගෙන මීට යොදවන්න. පසුව ඒ මල්ලිත් ඊට කැමැති වුණා. එයත් අපට උදව් කරන්නම් කිව්වා. ඔන්න ඔය විදියට තමයි ඒ වෙනුවෙන් මේ සුපිරි ප‍්‍රසංගය සංවිධානය වුණේ.

 

නලීන් මේ වගේ පිං අතේ වැඩ නිසාද ඔබ එන්න එන්න තරුණ පෙනුම ලබන්නේ? කොණ්ඩයත් සෑහෙන්න වෙනස් වෙලා. මොකක්ද කොණ්ඩයට කළ වෙනස?

වයස එක්ක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. මගෙත් කොණ්ඩය යාගෙන යාගෙන එන වග පෙනුණා. මේ අතරේ අපේ සුරාජ් මාපා සහ ජනිත් වික‍්‍රමගේ මල්ලිලා මට එක් ආයතනයක් ගැන කිව්වා. එතැනින් ලබාගත් ප‍්‍රතිකාරවල ප‍්‍රතිඵල තමයි මේ.

 

20170119Nalin-2ඔබට සහ මේරියන්ස්ලාට ලැබෙන රසිකත්වයේ සහ ජනප‍්‍රියත්වයට වගේම මේ කාර්ය බහුලත්වයට සාපේක්ෂව බිරිඳ සහ දරුවො එක්ක විවේකීව ගත කරන්න වේලාවක් තියෙනවාද?

ඒ ගැටලූව නම් තදින්ම තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන සතුටින් දරුවො හා බිරිඳ එක්ක කාලය ගත කරන්න තමයි මේ සියල්ලටම වඩා මම කැමති. ලැබෙන කාලය සුළු වුණත් අපි හතර දෙනා එය විඳගන්න උත්සාහ ගන්නවා. කාලය අපිව හොරාගෙන. මොනවා කරන්නද? නමුත් අපේ කැදැල්ල කියන වචනයට මම හරි ආසයි. ලක්ෂයක් ජනතාවගේ අත්පොළසන් අපට වාසනාවක්. නමුත් මට වඩා වටින්නේ මගේ කැදැල්ලයි. සමහර කාලයක දෙදරීම් තිබුණා. වැරදුණ තැන් තිබුණා. නමුත් අද අපේ පවුල හරිම ශක්තිමත්. ලැබෙන කාලය අපට ඒ නිසා රත්තරන් වගෙයි.

 

 

මේ හමුවේදී අන්තිමට මොනවද තවත් කියන්න තියෙන්නේ?

අපි සියලූ පහසුකම් සහිත වටපිටාවක සතුටින් ජීවිත ගත කරනවා. ඉතින් ඒ පරිසරය නොමැති අපේම දරුවනට අපි උදව් කරමු. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් කොළඹ සුවපහසුවට ජීවිත ගත කරන දරුවන්ට සිය පවුලේ අය සමඟ මේ ප‍්‍රසංගය නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා. 6.30 වෙද්දි අසුන්ගන්න. සියලූ පහසුකම් ආරක්ෂාක විදි අපි ජාත්‍යන්තර තලයේ ප‍්‍රසංගයක් මෙන් සංවිධානය කර තිබෙනවා. මේ ප‍්‍රසංගයේ මිහිර විඳගෙන තවත් පිරිසක් සතුටු කරන්න ඊට දායක වෙන්න. මේක සද්කාර්යයක්. 0717776292, 0717776191 අංක අමතා අවශ්‍ය තොරතුරු විමසන්න. ස්තුතියි පින්.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ