
(යොහාන් භාසුර)
ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පැවසීය.
‘ප්‍රගතිශීලි ආණ්ඩුවේ වැඩපිළිවෙල රනිල්ගේද?’ යන මැයෙන් විකල්ප මග සංවිධානය ජාඇල ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ සම්මන්ත්‍රනයකදී ගයන්ත දෙහිවත්ත මහතා එසේ පැවසීය.v වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රජයටත් පාලනය කරගත නොහැකි බලසම්පන්න නව ව්‍යාපාරික පන්තියක් රට තුළ බිහි වී ඇති බවත් රටේ විධායක ජනාධිපතිවරයාගේ මේසයට තට්ටුවක් දමා, තග දමා තම ව්‍යාපාරික අභිප්‍රායන් සපුරාගැනීමට තරම් ඇතැම් ව්‍යාපාරිකයන් ශක්තිමත් වී ඇති බවත් ඔහු සදහන් කළේය.
ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය.
“රජය මහ පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට වසර 5 සිට 30 දක්වා බලපාන අයුරින් විශේෂිත බදු සහන දීලා තියෙනවා. ඒ අතරම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි අන්දමට බදු බර පටවා තියෙනවා. රජය මුදල් නැති අයගෙන් අරගෙන සල්ලි එකතු කර ගන්න ලැජ්ජාසීලි උත්සහයක නිරත වෙලා ඉන්න බව පැහදිලිව පෙන්නුම් කරනවා. මේ රජය යටතේ මුලු රාජ්‍ය යන්ත්‍රනයම මුලික වගකීම් දෙවනියට දමා අද සල්ලි එකතු කරගත හැකි ක්‍රියාමාර්ගවලට මුල්තැන දීල කටයුතු කරගෙන යනවා. ඒ බව රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරයෙන් රටටම හුවා දක්වලා තියෙනවා.

