තවදුරටත් ජනතාව මුලා නොකර කි‍්‍රකට් කී‍්‍රඩාවේ අල්ලසට එරෙහිව ගෙන යන සටනට සහයෝගය ලබාදෙන්න යයි අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිළධාරී ඬේව් රිචඞ්සන් මහතා, මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අපකීර්තියට පත්ව සිටින සල්මන් බට්, මොහොමඞ් අසීෆ් සහ මොහොමඞ් අමීර් යන පාකිස්තානු කී‍්‍රඩකයන් තිදෙනාට පවසයි.
තමන්ට විරුද්ධව පනවා ඇති දීර්ඝ කාලීන තරග තහනම සම්බන්ධයෙන් මෙම කී‍්‍රඩකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පිළිබඳව කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළයේ අවසාන දැනුම් දීම ප‍්‍රකාශයට පත්කරමින් රිචඞ්සන් මහතා එසේ පැවසීය.
වසර 2011 දී ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී හිතා මතාම නිපන්දු යැවීමේ චෝදනාවට වැරදිකරුවන් වීම නිසා පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් (අවු. 28), මොහොමඞ් අසීෆ් (අවු. 30) සහ මොහොමඞ් අමීර් (අවු. 21) තිදෙනාටම අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් තහනම් පනවන ලදි.
සල්මන් බට්ට වසර 10 ක තහනමක්ද මොහොමඞ් අසිෆ්ට වසර 7 ක් තහනමක් සහ මොහොමඞ් අමීර්ට වසර 5 ක තහනමක්ද පනවන ලදි. මෙම දඬුවම් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දණ්ඩනීති සංග‍්‍රහයට අනුව අවම දඬුවම් ලෙස සැලකේ.
මෙම කී‍්‍රඩකයන් තිදෙනාම, ඔවුන්ගේ නියෝජිතයා වූ මසාර් මජීඞ් නැමැත්තාද සමගින් එංගලන්ත අධිකරණයක් මගින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව සිරගත කරන ලදි. එහෙත් කී‍්‍රඩකයෝ තිදෙනා පසුගිය වසරේ නිදහස් කරන ලදහ.
සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් විසින් කරන ලද අභියාචනා ස්විට්සර්ලන්තයේ මූලස්ථානය පිහිටි කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළය විසින් පසුගියදා ප‍්‍රතික්‍ෂෙප කරන ලදි. තමන්ගේ වරද පිළිබඳව සමාව අයැද සිටි මොහොමඞ් අමීර් අභියාචනා ඉදිරිපත් කරන නොතිබිණ.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ මෙම කී‍්‍රඩකයන් තිදෙනා එක්ව ඔවුන් සතුව පවතින තොරතුරු අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග බෙදාහදා ගත යුතු බවයි.
”මේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු රැසක් සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සතුව පවතින බව මට විශ්වාසයි. කී‍්‍රඩා පිටියෙන් මේ පිළිලය ඉවත් කිරීම සඳහා ඒ තොරතුරු අපට ඉතාමත් වැදගත් විය හැකියි” යයිද රිචඞ්සන් මහතා පැවසීය.
”මේ කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව පැවැති චෝදනා මේ වන විට තුන් පොළකින්ම තහවුරු වී අවසන්... පළමුව ස්වාධීන වූ දූෂණ මර්ධන ඒකකයේ පරීක්‍ෂණ වලින්..දෙවැනිව එංගලන්තයේ අපරාධ විමර්ශන අධිකරණයෙන්...අවසන් වශයෙන් කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළයෙන්...” යයි පැවසූ රිචඞ්සන් මහතා සල්මන් බට් සහ මොහොමඞ් අසිෆ් දෙදෙනා තමන්ගේ වරද පිළිගත යුතුව ඇතැයිද පැවසීය.