ජනක යටි අරමුණකින් වැඩ කරනවා


(යොහාන් භාසුර)

ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය.  

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණ කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් කරුණු ස්මතුකර ඇති බව කී කාරියවසම් මහතා ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරණවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවද කියලා ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.