ජනක බණ්ඩාරට ඇප


මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට අද මහනුවර පලාත් බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඇප නියම කළාය.

1999 වසරේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් අතර රිමාන්ඩ් භාරයේ සිටයදීම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තේය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුට විදේශගතවීමට අවශ්‍ය බව කියමින් ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ බිරිය ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලූ අධිකරණය ඇප නියම කළේය.