ජනක ඇමති මොකක්දෝ කියයි


සාධාරණ වැඩපිළිවෙළක් යටතේ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නට බලාපොරොත්තුවන බව ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුලු ගොවියාගේ ලොකු ලූණු ප්‍රශ්නය ගැන පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඇමති මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘ඡන්දයකට ඉදිරිපත්වන හැම කෙනෙකුම කියන්නේ තමන් දිනන බවයි. අපි බලමු, දිනනවා කියන කට්ටිය කොහොමද දිනන්නෙ කියලා. අපි නියම ශ්‍රී ලංකා පාක්ෂිකයෝ. හැමදාම පක්ෂයත් එක්ක හිටියා. සාධාරණ වැඩපිළිවෙලක් යටතේ ඉදිරියටත් ඉන්න බලාපොරොත්තු වෙනවා.”