ජන බල ලිපි ගොනු බොදු බලෙන් පොලිසියට


කොළඹ නිපොන් හෝටලයේ දී ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවට බලෙන් ගොස් පැහැරගෙන ගියැයි කියන ලිපිගොනු පහක් බොදුබල සේනාවෙන් බාර දුන් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කියා සිටියේය.

එම ලිපිගොනු තමන්ගේයැයි වැරදීමෙන් රැගෙන ගිය බව ද පොලිසියට කියා ඇත.

වටරැක විජිත හිමියන්ගේ පැමිණිල්ලෙන් පවසා ඇත්තේ බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමනට තර්ජනය කර එම සාකච්ඡාව කඩාකප්පල් කළ බවයි.

තමා එම අවස්ථාවේ මහා සංඝරත්නයෙන් සමාව ගත්තේ තර්ජනයෙන් බියට පත්වූ නිසා යැයි ද විජිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.