ඉතාලියේ කඩාවැටුණු ආර්ථිකය හමුවේ දහස් ගනණක් රැකියා විරහිතව සිටිති. දුම්රිය ස්ථාන, විනෝද උද්‍යායාන වැනි පොදු ස්ථානයන් ඇතැම් ශ්‍රි ලාංකිකයින්ගේ ලැගුම් හල්ය.
ඔවුන් කුසගින්න නිවා ගනුයේ කරිටාස් වැනි පල්ලිය අනුබද්ධ පුන්‍ය ආයතන නොමිලේ ලබා දෙන කෑම වෙලෙන්ය. රැකියා නොමැති ශ්‍රි ලාංකිකයන්ට පිහිට වන ඔවුන්ගේ කුසගින්න නිවන බෞද්ධ පුත්‍රයෙක් කටානියා නුවර සිටියි.
කටානියා නුවර ජි.කේ ගුණතිලක මහතාය.
‘‘මම රැකියාවක් නැතිව මාස අටක් දුක් වින්දා. පසුගිය දවසක මම අහම්බෙන් සිසිලි පන්සලට ආවා. ඇවිත් ලොකුහාමුදුරුවන්ට මගෙ දුක කීවා. උන්වහන්සේ එහාට මෙහාට කතා කරලා මට රැකියාවක් හොයලා දුන්නා. හෙට ඉදලා මම වෑඩට යනවා. ‘
සිසිලි බෞද්ධ විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සිලානන්ද හිමියෝ ඒ පිලිබධව මෙසේ කියති.
‘‘මේ විහාරස්ථානයට එන ගොඩාක් අයට මට පුලුවන් විදියට පිහිට වෙනවා. රැකියා නැතිව හිටපු විශාල පිරිසකට රැකියා හොයලා දෙන්න මට පුලුවන් උනා. එකට මට කටානියා ඉන්න ගොඩාක් ශ්‍රි ලාංකිකයන් උදවු කළා. රැකියා නොමැති අය පන්සලට ඇවිත් බඩගින්නේ ඉන්නකොට මට බලන් ඉන්න බැහැ. ඒ වේලාවට මම හාල් ටිකක් ලිපේ තියලා එලවලු දෙකක් හදලා ඔවුන්ට කන්න දෙනවා.‘