ජන ගඟ පුරසබේ


ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව පරාජය කිරීමේ ජාතික අධිෂ්ඨානයක් කොළඹ නව නගර ශාලා භුමියේ දී දැන් පැවැත්වේ. බෞද්ධ, හින්දු, කතෝලික ඇතුළු සියලු ආගමිකයෝ ද සුදු ඇඳ සිංහකොඩි රැගත් දහස් ගණනක් ද එහි වූහ. තුන් දහසක් පමණ වන සංඝරත්නය එහි වැඩම කැර සිටියහ.