ජගත් හමුදා එකමුතුවට ලංකාවේ දායකත්වය


ක්‍රීඩාව  තුලින් ලෝක සන්නද්ධ හමුදාවන් ගේ එකමුතු බව  ඇතිකර  ලෝක සාමය උදෙසා වු  ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින සැමරුම  හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා රයිෆල්  ක්‍රීඩාංගනයේදී අද උදෑසන පැවැත්විණි.

2015 වසරේ ඡාත්‍යයන්තර හමුදා  ක්‍රීඩා කවුන්සල දින වෙනුවෙන් වු දාවනය අද  උදෑසන එම කඳවුරු පරිශ්‍රය ඉදිරිපිටදි ආරම්භ වු අතර  නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඡයනාත් පෙරේරා,  වර්ථමාන ආරක්‍ෂක සේවා  ක්‍රීඩා කවුන්සලයේ ප්‍රධානි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක යන මහත්වරන් ඇතුළු ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ  300 දෙනෙකු මෙයට එක්වුහ.

ක්‍රිඩාව තුලින් මිත්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරමිභ කර ඇති අතර මේ  වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.

මෙම සංවිධානයේ මහලේකම් කාර්යාලය ඛෙල්ජියෙමි අගනගරය වන බ්‍රසීලයෙහි පිහිටා ඇත.  මෙය රටවල් 133 ක සන්නද්ධ හමුදාවන් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ  ක්‍රීඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි.

පෙර අවස්ථාවන් වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම සංවිධානය යටතේ මිත්‍රත්වයෙන් ක්‍රීඩා පිටියේදී එකිනෙකා හමුවෙයි.

මෙහි  මුලික අරමුණ වනුයේ ක්‍රීඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන් ගේ එකමුතු බව  ඇතිකර  ලෝක සාමය සදහා දායක විමයි. සෑම වසරකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා මෙය සමරන අතර  සැමරුම් ධාවනය මගින් ලෝකයට එහි තේමා පාඨය වන  ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය යන්නෙහි අර්ථය  කියාපායි. 

 DSC_4618 DSC_4620 DSC_4622 DSC_4685 DSC_4688 DSC_4720 DSC_4771 DSC_4785 DSC_4788 DSC_4799 DSC_4801