ජගත් සූපවේදී තරගයේ අවසන් වටයට ශ්‍රී ලංකාවත් එයි


2013 ලෝකයේ හොඳම  සුපවේදියා තෝරා ගැනීමේ තරඟය    ප්‍රංශයේ සිව්වැනි විශාලතම නගරය වන ලියෝන්හි පැවැත්විණි. ලියෝන් යනු පැරීසියේ සිට කිලෝමීටර 460 ක් දුරින් පිහිටියේය. ප්‍රංශ සම්ප්‍රදායික කෑම වට්ටෝරු හදුන්වා දීමට සුප්‍රසිද්ධ නගරයකි.

සුපවේදීන්ගේ ඔලිම්පික් කුසලානය ලෙස විරුදාවලිය සේ සැලකෙන මේ තරගයට  මහාද්වීප පහෙන් රටවල් 225 කින් තෝරා ගත් සුපවේදීහු තරග කළහ. එහි   සම්ප්‍රදාය  අනුව අවසාන තරගය සදහා   24 දෙනෙක් තෝරා ගනු ලැබූහ. එම 24 දෙනා අතරට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ද මොරොක්කෝව හා හංගේරියාව ද ඇතුළත් විය. අවසාන තරගයෙන් ප්‍රංශය, ඩෙන්මාර්කය, ජපානය අනුපිලිවෙලින් රන්, රිදී, තඹ කුසලාන හිමිකර ගත්තේය. ලෝකයේ හොදම 24 දෙනා අතරට ශ්‍රී ලංකාව මෙහෙයවූයේ කොළඹ හිල්ටන් හෝටලයේ සූපවේදී   කණ්ඩායමයි. බුද්ධික සමරසේකර  හා රශේන් ජෝන් එහි ප්‍රධාන සූපවේදීහු වූහ.  එහි විධායක ප්‍රධාන සුපවේදි රෝහාන් ප්‍රනාන්දුපුල්ලේ  ලෝක කුසලානයේ ප්‍රධාන ඡුරිය නියෝජනය කළේය.

;