ජගත් සමාජවාදයේ මහා මිණි පහන නිවේ


කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) අභාවප්‍රාප්ත විය. බලවත් ඇමෙරිකාව සමග එකඟතාවයන්ට  නොගොස් සමාජවාදී ආර්ථික ක්‍රමයකට සිය රට මෙහෙයවමින් ඔහු දැක්වූ ආදර්ශය සමස්ථ ලෝකයම අගය කරයි. 

ඒ වෙනුවෙන් ඇමෙරිකාවෙ සම්බාධකවලට ලක්ව දශක ගණනාවක් සිය රට පාලනය කිරීමට ඔහුට සිදුව තිබිණි. වසර කිහිපයක් රෝගාතුරව සිටි පිදෙල් කස්ත්‍රෝ  ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුගේ සොහොයුරු රාහුල් කස්ත්‍රෝ කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු ඇරඹීය. කිසිවිටකත් ඇමෙරිකාව ඉදිරියේ දණ නොනැමූ මේ නායකයා ජගත් සමාජවාදයේ පතාක යෝධයකු ලෙස සදා ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. 

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය. 

fidel-castro-28