ජගත් ලේකම් ලංකාවට ඇහැ ගහගෙන


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිරතුරු දැනුම්වත්ව සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් දුෂාරික් ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය කියයි.

සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් ඉඩකඩ සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි මහ ලේකම්වරයාගේ අපේක්ෂාව බවද එහි සඳහන්ය.