ජගත් ලේකම් දූතයා එයි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද අළුයම  දිවයිනට පැමිණියේය.

ඔහු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 469 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

 ජෙෆ්රි මහතාගේ ප‍්‍රථම ශ්‍රී‍්‍ර ලංකා සංචාරය මෙයයි.

මෙරට රජයේ නියෝජිතයන් සමඟ කරුණු කිහිපයක් පිළිබද ඔහු සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.