එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙබරවාරි මස මැද භාගයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත අතර ඊට පෙර මහ කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයේ කටයුතු මෙහෙයවනු ඇත.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මහ කොමසාරිස්වරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එහිදි ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිඥයන්, පර්යේෂකයන් හා දේශීය පිරිස් ඇතුළත් විශේෂ දෙමුහුම් අධිකරණයක අවශ්‍යතාව යෝජනා කළේය. එම අධිකරණය ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බවත් ඊට ආරක්ෂක කාර්යාලයක් හා ගොදුරු වූවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ද තිබිය යුතු යැයි යෝජනා කළේය.

