ඇමරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස ජගත් චමිල ඊයේ (20) සම්මානයට පාත‍්‍ර වී තිබේ. ‘සෑම්ස් ස්ටෝරි’ නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංගී‍්‍රසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් පි‍්‍රයංකර විතානාරච්චි විසින් නිර්මාණය කැරණු ‘සැමීගේ කතාව’ සිනමාපටයේ සැමීගේ චරිතය ස`දහා ජගත් චමිලට මෙම සම්මානය හිමි විය.
එඩ්වඩ් ෆලෝන්ග් (ඇමරිකාව), සෙබස්තියන් ජෙසන් (ඩෙන්මාර්කය) සහ ඔමාර් ෆ්රැන්කො (කියුබාව* යන නළුවන්ගේ නම්ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණ.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පසුගිය 13 වනදා සිට 20 වනදා දක්වා පැවති මෙම සම්මාන උළෙළේ සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ පැවැත්විණ.
දිලිනි මල්රුක්‍ෂි (ඬේලි මිරර් ඇසුරිනි*