ජගත් කි‍්‍රකට් ලොක්කන්ට දෙහි කපමින් ටිම් මේ ඉල්ලා අස්වෙයි


අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් වසර 8 ක දීර්ඝ සේවයක් කළ  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන ටිම් මේ මහතා අද (5 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්විය. තම ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත්කරමින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවටත් ලෝකය පුරා කි‍්‍රකට් පරිපාලන නිලධාරීටත් දැඩි සේ දොස් පැවරීමට හෙතෙම පසුබට නොවීය.

ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ගේ දැඩි බලපෑම් මත පසුගිය මාසයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කී‍්‍රඩක කමිටුවෙන් ඉවත් කරන ලද ටිම් මේ මහතා පවසන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවත් සමග සටන්වැදීමෙන් තමන් හෙම්බත්ව සිටින බවයි.

”පිට්ටනියේ වගේම ඉන් පිටතදීත් දූෂණ සහ වංචා සම්බන්ධ සිදුවීම් එන්න එන්නම වැඩිවෙනවා” යයි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත්කරමින් ටිම් මේ පැවසීය.

”කී‍්‍රඩාවේ කොටස්කරුවන් හැටියට අප අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ ප‍්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි නායකත්වයයි”

”එහිදී ඉතාමත් වැදගත් වන්නේ නිලධාරීන් සිය ප‍්‍රතිපත්ති වලට අනුගත වෙමින් දියයුතු ආදර්ශයයි. ඒත් අවාසනාවකට වගේ කි‍්‍රකට් කී‍්‍රඩාව මේ ප‍්‍රතිපත්ති වලින්, විනිවිදභාවයෙන් වගේම වගවීමෙන් දුරස් වෙමින් සිටිනවා”

”තර්ජන, බියවැද්දීම් සහ හොර ගනුදෙනු වලින් යැපෙන, දැන් පවතින ක‍්‍රමවේදයේ හැටියට, මේ ලෝක ව්‍යාප්ත කී‍්‍රඩාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීම පිළිබඳවත්, එහි ස්වාධීනත්වය පිළිබඳවත් තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයට පත්වෙමින් තිබෙනවා” යයිද ටිම් මේ මහතා පැවසීය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කී‍්‍රඩක කමිටුවේ නියෝජිතයා වශයෙන්ද වසර ගණනාවක් කටයුතු කළ ටිම් මේ පසුගිය මාසයේදී එම කමිටුවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම කමිටුවේ නියෝජිතයා වශයෙන් ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු කී‍්‍රඩක ලක්‍ෂමන් සිවරාමකි‍්‍රෂ්ණන් පත්කරන ලදි.

අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය පවසන්නේ මෙම වෙනස්කිරීම සඳහා සාධාරණ ඡන්දයක් නොපැවැත්වූ බවයි. ඉන්දීය කි‍්‍රකට් නිලධාරීන්ගේ බලපෑම් මත, ඉන්දීය නියෝජිතයා වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කරන්න’යි ඇතැම් කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන් තමන්ගේ නායකයන්ට බලපෑම් කළ බවත් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය පවසයි.

විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට නිර්දේශ ඉදිරිපත් කරන්නේ මෙම කමිටුවයි.