ජකර්තා ගුවන් සමුළුවට 120 ක්


 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර  අද පැවැත්වෙන  අන්තර් ජාතික ගුවන් සේවා නියෝජිත සමුඑවට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව තුල ලියා පදිංචි ගුවන් සේවා නියෝජිත ආයතන නියෝජනය කරමින් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්   කොළඹ සිට ජකර්තා බලා පියාසර කල මිහින් ලංකා ගුවන් සේවයේ  එම්.ජේ 603 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මෙම සමුළුව  ජාත්‍යන්තර ගුවන් සේවා ආයතනය සංවිධානය කර ඇත.

මෙම වාර්ෂික මහා සභාවේදී අභිනව නිළධාරී මණ්ඩලයක්ද පත්කර ගැනිමට නියමිතය. ශ්‍රී ලංකාව ගුවන් කෙෂ්ත්‍රයේ ලබා ඇති උසස් ප්‍රගතිය අනුව මෙම නිලවරනයේදි ශ්‍රී ලාංකික නියෝජිත ආයතන නිළධාරීන් කිහිප දෙනකු වැදගත් තනතුරු වලට පත්වෙතැයි අපේක්ෂා කෙරේ.