බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වන ලෙස ජංගම දුරකතන සඳහා විවිධ ගීත ඇතුළත් ‘රින්ගින් ටෝන්‘ සේවා සපයන ආයතන පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් පවසයි.
එම ගීත නිර්මාණකරුවන්ට හිමි කර්තෘභාගය ලබා නොදී එකී සමාගම් අධික ලෙස ලාභ ලැබීම වළක්වාගැනීම සඳහා ඉදිරියේදී නව ක්‍රමවේදයන් හදුන්වාදීම නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි.

