ජංගමෙන් මීනීමැරුමක් අල්ලයි


විල්ගමුව නගරයේ බුළත් වෙළෙන්දකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන්  විල්ගමුව ප්‍රාදේශිය සභාවේ ස්වාධින මන්ත්‍රීවරයකු හා විදුහල්පතිවරයකු වන වසන්ත කුමාර ඒකනායක හා වඩුකාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.

මීට දෙසතියකට ඉහතදී  විල්ගමුව නාගොල්ලේ ලදු කැළැවක තිබී  වසන්ත උපුල් කුමාරගේ මළ සිරුර හමු විය.ඔහුගේ දුරකතනයට ලැබුණු ඇමැතුම් අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.