කොළඹ කැසිනෝ සමාජ ශාලාවක දී ඉන්දියා ජාතිකයකුගේ රුපියල් 57000ක බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් සොරකම් කළ චීන ජාතික චෙන් ලියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩයක් ගසා මාස හයක සිර දඬුවමක් නියම කර එය පස් වසරකට අත් හිටවීය.
ඔහු දුරකතනය සොරකම් කළ බව ආරක්ෂක කැමරාවල සටහන් වී තිබිණි.

