ජංගම සේවා කළමනාකරුට පනස් දහසක් දඩ


කොළඹ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගියැයි කියන ශ්‍රී ලාංකිකයෙක් හා උස්බෙගිස්තාන ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ වරද පිළිගත්තේය.

එක් ගැහැණියකට රුපියල් සියය බැගින් දඩ ගැසූ අතර වාහනයක් ඇතුළේ ගණිකා හල මෙහෙයවූ පුද්ගලයාට රුපියල් පනස් දහසක දඩ නියම විය.

උස්බෙගිස්තාන අභිසරු ලියක මිලට ගැනීම සඳහා පොලිස් උපාය ධූතයකුගෙන් රුපියල් හත් දහසක් ගනිද්දී පොලීසිය එම රථය වැටලීය.