ත්‍රීරෝද රථයක් තුළ ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් සහ ඔහුගේ සහයකයා මාතලේ නගරයේදි අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයන් ලෙස ‘ගබ්සාවක්‘ කර ගැනීමට ගොස් මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
රුපියල් 20 ක බෙහෙත් වලින් ඔවුන් ත්‍රීරෝද රථයේදිම ගබ්සාව කරන බවත් ඒ සඳහා රුපියල් 18000 ක මුදලක් අය කරන බවත් දැනගන්නට ඇත.
මීට අමතරව ත්‍රීරෝද රියේ ගාස්තුවද ගෙවිය යුතුය.
මහනුවර, මාතලේ, කුරුණෑගල ආදී පෙදෙස් හි මෙම දෙදෙනා අඩු ගනනේ ගබ්සා 200 ක් වත් කරන්නට ඇතැයි පොලීසිය කියයි.

