ඡායාරූප මාධ්‍යවේදීයාගේ සැත්කමට උදව් ඉල්ලයි


හදිසි අනතුරකට මුහුණ දුන් ද නේෂන් පුවත්පතේ  ඡායාරූප මාධ්‍යවේදී රුක්ෂාන් අබේවංශ මහතාගේ  ජීවීතය අනතුරින්  මුදා ගැනීම සඳහා ඔහුගේ කොඳු ඇට පෙළෙහි  සැත්කමක් සිදු කැරිණි.

ඔහු කොළඹ සෙන්ට්‍රල්  රෝහලේ  ප්‍රතිකාර ලබයි.

සියල්ල හොදින් සිදු වේ යැයි  සැමගේම බලාපොරොත්තුවයි.රුක්ෂාන්ගේ  සියලු ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 30 ක් පමණ වැය වන බව රෝහල කියයි.

ඔහුගේ රක්ෂණයෙන් ලැබෙන්නේ  සුළු මුදලක් බවත් ඉතිරිය සොයා ගැනීම  විශාල අභියෝගයක් බවත් බිරිය කියන්නීය.මේ අභියෝගයට මුහුණ දෙන්නට රුක්ෂාන්ට අපේ උදව් අවැසිය.

ඔහුගේ බිරිය ශමිලා  නිරෝෂනී ආරියරත්න නමින්  කොමර්ෂල් බැංකුවේ මරදාන ශාඛාවේ ගිණුමට ආධාර බැර කළ හැකියි.

ගිණුම් අංකය - 8320022931, ස්විෆ්ට් කේතය CCEYLKLX දුරකතන අංකය- 071-6503062