හිටපු ජනපතිගේ ඡන්ද රැස්වීම්වලට ලංගම බස් යොදා ගැනීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවීයැයි මහින්ද රාජපක්ෂ හා තවත් හය දෙනකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 11 වැනි දා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු ශිරාණි ගුණරත්න මහත්මිය නියෝග කළාය.
එදිනට පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය ගමනාගමන මණ්ඩලයට නියෝග කළාය.
2015 ජනපතිවරණය වෙනුවෙන් කුලියට ගත් බස් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මුදල් ගෙවා නැතැයි හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

