ඡන්දෙට බය නැති බව සුසිල් කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටකත් මහ මැතිවරණයක් සඳහා බියක් නොදක්වන බවත් යහපාලනය යටතේ විධායක ජනපතිධුරයේ බලතල අඩු කිරීමේ  සංශෝධන සමඟම පවතින මැවරණ ක්‍රමයද සංශෝධනය විය යුතු බව පක්ෂයේ  දැඩි ස්ථාවරය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේම් ජයන්ත මහතා අද  (04) පැවසීය.

විධායක ජනපති බලතල සංශෝධනය වීමත් සමඟ  පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් නොවුණහොත් සිදු වන්නේ රට අස්ථාවර වීම හා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවීම පමණක් බවද ප්‍රේම ජයන්ත මහතා කීය.

යම් පළාත් සභාවක  ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් එම  සභාව විසුරුවා හැරීමේ බලතලද මෙම විධායක  ජනපති බලතල කප්පාදුවේදී අහෝසි වනවාද යන්න රජය විග්‍රහ කළ යුතු බවද ඔහු කීවේය.