(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු 9 වැනිදා නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළේය.

