අද සවස හමා ගිය දැඩි සුළඟකින් මොණරාගල මැදගම නිවාස 51කට හානි සිදුවී ඇතැයි ගැමියෝ කියති.
මිනිත්තු පහක් පමණ සැඩ සුළඟ පැවැතිණි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ හා දකුණට විටින් විට වැසි ඇතිවෙන බවත්, සවස්වරුවේ උෟව සහ නැගෙනහිරට ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එවැනි වැසි සමඟ තද සුළං හා අකුණු ඇතිවිය හැකි බව ද, සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ නිලධරයෝ කියති.

