ඡන්දෙ තිව්වොත් තුනෙන් දෙක දෙනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක දෙන්න සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද  කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.