ඡන්දය දුන්නේ මෙහෙමයි


19 වැනි සංශෝධනය දෙවැනිවර කියවීමේ පනතට පක්ෂව ඡන්ද 215 ක්ද විපක්ෂව ඡන්දයක්ද ලැබිණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත්‍රීවරු 7 දෙනෙක් ඡන්ද විමසීමට පැමිණ නොසිටියේය.

ප්‍රේමලාල් ජයසේකර, සුසන්ත පුංචිනිළමේ, ජගත් බාලසූරිය, එල්ලාවල මේධානන්ද හිමි, ජානක බණ්ඩාර, කෙහෙළිය රඹුක්වැල්ල හා බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

පනතේ කාරක සභා අවස්ථාව ඉන් පසුව ඇරඹිණි. දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් සියලු සංශෝධන ලැබී නැතැයි කීවේය. කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසූයේ එම සංශෝධන සියල්ලම දුන් බව රජය කියන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පනතට පක්ෂ වෙමින් පැවසූයේ සංශෝධන පිළිගත් නිසා පක්ෂ බවයි. සෙසු සියලු මන්ත්‍රීන් පක්ෂයි යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් කීහ. 

දෙවැනි වර ඡන්ද විමසීම පස්වරු 7.25 ට අවසන්වීමෙන් පසු තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාව එළැඹිණි.