ඡන්දය අස්සේ දකුණේ අනිවාර්ය ජංගම සේවයක්


දකුණු පළාතේ ගුරු වැටුප් ප්‍රතිශෝධන හා ගැටළු සාකච්ඡා කිරීමට යැයි ගුරුවරුන්  අනිවාර්ය ජංගම සේවයකට කැඳවා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක්  ඔවුන් ඒ සාකච්ඡාවට කැඳවා ඇතැයිද ඡන්ද නීතී අමු අමුවේ  සිඳ බිඳ දැමීමක් යැයිද  සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා පවසයි.

ඇල්පිටිය,අම්බලන්ගොඩ, ගාල්ල,උඩුගම,මාතර,අකුරැස්ස,දෙණියාය,මුලටියන,වලස්මුල්ල ,තංගල්ල හා හම්බන්තොට  ගුරු හා විදුහල්පති සේවයේ තිස්දහසකට වැඩි පිරිසක්  දෙසැම්බර දොළොස් වැනිදා සිට මේ ජංගම සේවයට කැඳවනු ලැබ සිටිති.

බ්ලොක් මහතා පවසනුයේ ගුරු ගැටළු විසදීමට මෙම ජංගම සේවය සුදානම් කළ බවයි.