බස්නාහිරි හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසු නීති විරෝධී පෙළපාලි, පෙරහැර සහ ජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. එමෙන් ම පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට දැඩි ආරක්ෂක විදි විධාන යොදා ඇති බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ රාජකාරීවලට බාධා කිරීමෙන් වළකින ලෙස අපේක්ෂකයින්ගෙන් සහ ඔවුන‍්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.

