ඡන්දය අහවර වනතුරු ‘මුල්ගල්'නෑ


මැතිවරණය අවසන් වනතුරු   මාතලේ දිස්ත්‍රික්කයේ  පාසල් හි  විවෘත කිරීමේ හා මුල් ගල් තැබීමේ උත්සව  අත්හිටුවන්නැයි  මාතලේ  සහකාර මැතිවරණ කොමසාරිස්  ශානික රූපසිංහ මහතා  මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දී ඇත.

අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 13 සහ16 යන දිනවල දි මාතලේ පාසල් ගණනාවක උත්සව රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැර තිබීම මැතිවරණ ව්‍යාපාරවලට හානියක් නිසාවෙන් මෙම උත්සව නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට යැවු ලිපියෙහි සදහන්ය.