
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මැතිවරණ නිති උල්ලන්ගනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල මාබෝල වැලිකඩ මුල්ල ප්‍රදේශයේ පදිංචි (29 - 31) වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි .
හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් (30) දා අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී හෝමාගම නගර මධ්‍යයේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පෝස්ටර් අලවමින් සිටිනු දැක තිබේ.

