ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු


 

 

 

 

( නිමල් ජයරත්න )

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ඔවුන් මනම්පිටිය දමිළ ගම්මානයේ පෝස්ටර් අලවමින් සිටියදී එම පෝස්ටර් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහත්, තිස්පහත් අතර වයසේ පසුවන අය   බවද පොලිසිය කියයි.