ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය නිසා සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා මහා පිළිකුලෙන් හෙළා දකින බව ඉන්දියාවේ කපිලවස්තුපුර මහින්ද විහාරාධිපති තිස්සමහාරාමයේ ජිනරතන හිමි, අජන්තා මහින්ද විහාරාධිපති නක්කාවිට සුගතවංශ හිමි, උල්ලාස් නගරයේ මහින්ද විහාරාධිපති නළුවෙල ආනන්ද හිමි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටිති. උන්වහන්සේලා මෙසේද කියති.
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. නමුත් මිනිසුන්ට සේවය කරන්න රට ගොඩනගන්න එන නායකයන් මිනිසුන් ඇන කොටා ගන්න තත්ත්වයට පත් කරලා. විදෙස් රටක හිටියත් දිනෙන් දිනම ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අපි මාධ්‍යයෙන් දකිනවා. පොලිසිය තම රාජකාරිය අපක්ෂපාතිව ඉටුකළ යුතුයි.
මාධ්‍ය අපක්ෂපාති වෙන්න ඕනෑ. ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දකිනකොට ඇතිවෙන්නේ පිළිකුලක්. සාමය සතුට ආරක්ෂා කරන මැතිවරණයක් පවත්වා පත්වන ජනාධිපතිවරයා යටතේ ශාන්තියෙන් සාමයෙන් අපේ රට බැබලේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා.

