ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකාවක් ?


ජනාධිපතිවරණයේදි භාවිතයට ගැනීමට නියමිත බවට සැකකරෙන ඡන්ද පත‍්‍රිකාවට සමාන පත්‍රිකාවක් ඡන්ද ප‍්‍රචාරක රැස්වීමකදී බෙදා හැර ඇතැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.

බළන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයා විසින් මෙම ඡන්ද පත‍්‍රිකාවේ පිටපත් සිය ආධාරකරුවන්ට ලබා දුන් බවට ලද තොරතුරක් සම්බන්ධයෙන්ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමාරිස්වරයාට මෙන්ම රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාටද දන්වා ඇත.