දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 339ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වන සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු දිගටම ගරාජ් අංක සහිත වාහනයක් භාවිත කරන බවත්, ඔහු ඡන්ද ප්‍රචාරක වැඩ සඳහා ගමන් කරන්නේ එම වාහනයෙන් බවත් මහජනයා කියති.
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ළඟම ඥාතියකු වන අපේක්ෂකයකු ගම්පහ පාරවල් මැද්දේ සුදු පැහැයෙන් ඔහුගේ නම ලියා ඇත.

