නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එලෙස වගකීම් පැහැර සිටින පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අද (12) පවසයි.
පොලිස් ආඥා පනතේ ‘නිවටකම‘ යටතේ මෙලෙස පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති පවසයි.
පොලිස්පති පමණක් නොව මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිසියේ ඉහළ සිට පහළ දක්වා වන ඕනෑම පොලිස් නිලධාරියෙක් හෝ ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට හැකි යාව පවතින බව ද ජසූරිය මහතා කියයි.

