ඡන්ද නීති ගැන අපේක්ෂකයන් දැනුම්වත් කරයි


උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ නීති රීති ගැන වව්නියාවේ ඡන්ද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිසාපති කාර්යාලයයේදී පැවැත්විණි.

ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, ඡන්ද දායකයන් දැනුම්වත් කිරීම ආදිය ගැනද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කැරිණි.

වවුනියාව දිස්ත්‍රික් තේරීමිභාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර, වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් එන්.කරුණානිධි මහත්වරුද එම අවස්ථාවට පැමිණ සිටියහ.