ඡන්ද නිලධාරිනිය නෑ. මාතර ඡන්ද පැය 4ක් පමාවෙයි


මාතර ගුරුවරුන් රැසකට අද (23) උදේ වරුවේ තැපැල් ඡන්දය දැමීමට නොහැකි විය. ඒ ගැන ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය කියයි.

මාතර අධ්‍යාපන කාර්යාලයයේ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරිනිය වන අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මහත්මිය වැලිගම අධ්‍යාපන කාර්යාලයේ තැපැල් ඡන්ද භාරව එහි යෑම ඊට හේතුවයි.

මීගහවත්ත මහත්මිය පැවැසුවේ මාතර ඡන්දය බදාදාට (24) නියම කළ වැලිගම ඡන්දය අදට යොදා ගත් බවයි.ඒ ගැන ඡන්ද දායකයිනට දන්වන ලෙස උපදෙස් දී තිබුණත් එය නිසි පරිදි සන්නිවේදනය වී නැති බව ද ඕ කීවාය.

මාතර සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජයකුමාර මහතා පැවැසුයේ මේ ගැන පැමිණිලි ගණනාවක් ලැබුණු බවයි.

මාතරට අලුතින් නිලධරයකු පත්කර දහවල් 12ට තැපැල් ඡන්දය දැමීම පහසුකම් සළසා දුන් බවද ඔහු කියයි.

මේ ගැන පරික්ෂණයක් බවත් බවද ඔහු කියයි.

ගාල්ල, මොණරාගල, හම්බන්තොට, කරාපිටිය, නිට්ටඹුව, ත්‍රිකුණාමලයෙන් පැමිණිලි කිහිපයක් වාර්ථා වූ බවද නිරීක්ෂණ ආයතන පවසයි.

දේශිය නිරීක්ෂකයෝ 2600 දෙනෙකු පමණ තැපැල් ඡන්ද නිරීක්ෂණයේ යෙදී සිටිති.