ඌව පළාත් සභා මැතිවරණයේදී තර්ජන නිසා මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. කැෆේ , පැෆ්රල් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ ඡන්ද නිලධරයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කැර නිදහස් හා සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය පසුබිමක් සලසා දෙන ලෙසයි.
පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍රෙද්ශවල මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී ද මැතිවරණ ක්‍රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති බවයි.
නාම යෝජනා භාරදුන් අගෝස්තු 6 හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ලොග්ගල් ඔයේ දී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට කළ බවත්, දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහත්වරු කියති.

