ඡන්ද දිනය 27 කියයි


(සුජිත් හේවාජුලිගේ සහ රවී මැදගෙදර)

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර විෂය භාර අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුලි මස 2 වැනිදාට ප්‍රථමයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වා එහි සභිකයන් ගැසට් කර සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.

මැතිවරණ කොමිෂන්  සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ  චින්තක කුලරත්න මහතා  මැතිවරණ ප්‍රචාරණය සහ ආදායම් වියදම් වාර්තා සකස් කරන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කළේය.

අම්පාර දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කසුන් ශ්‍රීනාත් අත්තනායක මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති

මෙම වැඩමුළුවට මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක දෙකේම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.