ඡන්ද ගණින ලොක්කො පස්දෙනෙක් ඇවිත් නෑ


ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ගණන් කිරීම ප්‍රමාදයකින් සිදු කරන බව ගම්පහ තේරීම් භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.

ගම්පහ දිසාවේ පළමු ඡන්ද ප්‍රතිඵලට රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකි වෙතියි මුලින් කියා තිබිණි.

තේරීම් භාර නිලධාරී මීට ටික වේලාවකට පෙර පැවසුවේ තව මිනිත්තු 10කින් පමණ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.