ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඇතැම් තනතුරු දීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභා නායක වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සත්‍ය විකෘති කරමින් සිටින බවයි.
පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් පැවැත්වෙන විරෝධතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ගයක් ලෙස තමන් සලකන බව ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්න මතු කළ නොහැකි බවත් එවැනි ප්‍රශ්න මතුකළ යුතු නම් එය කළ හැක්කේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පමණක් බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
අල්ලස් කොමිසමට ඇඟිලි ගැසීමට කථානායකට, ජනපතිට හෝ අගමැතිට බලයක් නැති බවද හේ අවධාරණය කළේය.
කිසිවකුටත් අල්ලස් කොමිසමට ඇඟිලි ගැසිය නොහැකිනම් එහි සභාපති පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ දරන්නේ කුමන මතයක්දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ‘කිසිවකුටත් එහෙම කරන්න බැහැ කවුරුන් කළත් එය නුසුදුසු ක්‍රියාමාර්ගයක්. අප ඊට විරෝධය දක්වනවා‘ යැයි පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



