ඡන්ද ඉල්ලුවේ නෑ : ඒත් වත්කම් ඉල්ලයි


ඔක්තෝබර 31 වැනිදා ට පෙර වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රඹුක්කන වරල්ගොඩ වයි ජී පොඩිඅප්පු මහතාට ප්‍රමුඛ සේවා ලේබලයද සහිතව ලියා පදිංචි තැපෑලෙන් දැනුම් දී ඇත.

ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් පසුගිය 21 වැනි දා මධ්‍යම පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි කොමසාරිස් ඔහුට දන්වා ඇත.

එහෙත් තමා කිසි දිනක ඡන්දය නොඉල්ලූ කෙනකු බවත්, රැකියාව පෙදරේරු අත්වැඩ කරුවකු බවත් පොඩිඅප්පු මහතා කියයි.

මේ ලිපිය ලැබුණු විගස ඔහු කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගොස් කරුණු කියා සිටියේය.

‘මං එහෙම ගියේ මට නඩු දායි කියා බයටයි. මේ ලියුම නිසා මට දවස් දෙකක් රස්සාවත් නැති වුණා. ‘