ඡන්ද අයිතිය රැකගනිමු


අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය සමරමින් ගාල්ල නගරයේදී පා ගමනක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විසින් සංවිධානය කරන ලද මේ පා ගමනේ අරමුණ වූයේ සිය ඡන්ද අයිතිය රැකගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි. ‍ඡන්ද හිමියන්ගේ දිනය ප්‍රථම වතාවට සමරන ලද්දේ මෙම වර්ෂයේදීය. මෙම දිනය වෙනුවෙන් දිවයින පුරාම උත්සව කිහිපයක් සංවිධානය කැර තිබිණි.