තමා වතු සමාගමකට අයත් බිම් අඟලක් හෝ බලෙන් අල්ලාගෙන සිටින බව ඔප්පු කළහොත් රත්නපුර නගර මධ්‍යයේ ඇඳුම් නැතිව ඔළුවෙන් සිටගැනීමට සූදානම් බව විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා කියයි.
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ රැස්වීමක දී ඔහු එසේ කීවේය.
‘මා වත්තක අක්කර තුනක් අල්ලාගෙන සිටින බවට බොරු ප්‍රචාරයක් යනවා. මම දේශපාලනය කරන්නේ පරම්පරාවේ දේපොළවලින්. තමාට එරෙහිව බොරු කියන අයට හෙන ගසනු ඇතැයි ද ඔහු කීවේය.‘